නැතුවම බැරි මේ බෑග්වලටත් ඔන්න බද්දක්

Report

පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා විසින් සුපිරි වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් නිකුත් කෙරෙන සිලි සිලි මලු භාවිතය පාලනය කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයට බද්දක් හෝ අධිභාරයක් පැනවීමට යෝජනා කර ඇති බව සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදීයි.

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

අඳාළ යෝජනාවට අනුව අනාගතයේදී සුපිරි වෙළෙඳසැල්වලින් ප්ලාස්ටික් බෑග් නොමිලේ ලබාදීමක් සිදු නොවන අතර ඒ වෙනුවෙන් නිශ්චිත මිලක් නියම කෙරෙනු ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙවැනි තීරණයට හේතු වී ඇත්තේ, සුපිරි වෙළෙඳසැල් ඔස්සේ විශාල ලෙස පරිසරයට එක්වන ප්ලාස්ටික් බෑග් ප්‍රමාණය අවම කිරීම බව සඳහන්.

එමෙන්ම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

ඒ අනුව නීතිමය විධිවිධාන සම්පාදනය කිරීමට පනත් සංශෝධනය කිරීමට අවශ්‍ය වන නිසා එම ක්‍රියාවලිය සම්පූර්ණ වන තෙක් මෙම බද්ද හෝ අධිභාරය පැනවීම යෝග්‍ය බවට යෝජනා වී තිබෙනවා.

මෙහිදී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්ලාස්ටික් බෑග් සඳහා අවම මිලක් නියම කිරීමට පවතින වර්තමාන නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත්, මෙම වැඩපිළිවෙල ලෝකයේ වෙනත් බොහෝ රටවල සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ය.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු