විශේෂ පොරොන්දුවක් - වැඩ අරඹමින්, නව කථානායකවරයා කීව දෙය මෙන්න.. (VIDEO)
නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ පොදුජන යහපත උදෙසා ව්‍යාවස්ථා දායකයේ වගකීම ඉටුකිරීමේ දී අභියෝගාත්මක භූමිකාවක් තමාට දැරීමට සිදුවන බවයි.
අද (17) උදෑසන නව කථානායක ධුරයේ වැඩ අරඹමින් ඒ මහතා මේ බව කියා සිටියේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බැවින් සියලුදෙනා අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විශේෂ පොරොන්දුවක් ලබාදෙමින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස පැවසීය.
"මා මෙම උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියලුදෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. මුළු සභාවටම නැවතත් ස්තූතියි. 10 වන පාර්ලිමේන්තු ජාති ආගම් භේදයෙන් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියලුදෙනාගේ සහයෝගය නැවත ඉල්ලා සිටිමි."
You May Like This Video👇
.