අද මෙරටින් නවතම වාර්තාවක් තබයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) නව වාර්තාවක් තැබීය. ඒ අද දිනයේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,000 ඉක්මවා වාර්තා කිරීමය.
ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,046.80 ලෙසය.
මේ අතර, අද (25) දහවල් වරාය සම්බුද්ධත්ව ජයන්ත චෛත්‍ය පරිශ්‍රයේ දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනුයි, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මෙම විෂමතාව සමාලෝචනය කොට විසඳීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික පසුබිම සකස් කරන ලද්දේ , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අංශය විසින්.
අදාළ වැටුප් අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා වරාය හා නාවික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මුදල් අමාත්‍යාංශය, වෘත්තීය සමිතිහි නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සමාලෝචනය කර, සිය දායකත්වය ලබා දුන්නා.
මෙම අවස්ථාවට එක් වූ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාස 20කට අධික කාලයක් ගෝලීය වසංගත තත්ත්වයක් තුළ රට වසා දමා තිබියදී වුවත්, මනා කළමනාකාරීත්වයකින් යුතුව අඛණ්ඩ වරාය සේවාවක් පවත්වාගෙන යාමට සියලුම වරාය සේවක මහත්ම මහත්මීන් ලබාදුන් කැප කිරීම තමන් අගය කරන බවයි.
එබැවින් කරන ලද මෙහෙයට පැවති වැටුප් විෂමතා තමන් විසින්ම නිරාකරණය කරදීමට හැකියාව ලැබීම ද සතුටට කරුණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සංවර්ධනය කරා යන ගමනේ දී, ඉදිරියේදී වරායේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ද වරාය සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වය පෙර සේම තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |