නවතම කොවිඩ් දත්ත අනුව ලංකාවට හිමි වූ තැන

sri lanka Covid 19 WHO
By Sithumi Jun 07, 2021 02:29 PM GMT
Sithumi

Sithumi

Report

ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවියේ දත්තවලට අනුව ලොව පුරා රටවල් සහ කාලාප 200 කින් දෛනික වැඩිම ආසාදිතයින් වර්තා වන රටවල් අතර අද වනවිට ශ්‍රි ලංකාව පසුවන්නේ 20 ස්ථානයේය.

පළමු කොවිඩි ආසාදිතයා වර්තා වු චිනය පසුවන්නේ එම ලැයිස්තුවේ 110 වන ස්ථානයේයි.

පසුගිය දින 07 තුළ පමණක් මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 21,881කි. සංචරණ සීමා කර ඇති පසුබිමක වුවත් එය පෙර සතියට සාපේක්ෂව 14% ක ඉහළ යාමකි.

මරණ සංඛ්‍යාවද 30% කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 36,000 ඉක්මවා තිබීමද විශේෂත්වයකි