විශේෂ දැනුම්දීමක් - මේ අයට ඉන්ධන ලබා ගැනීමට නව QR කේතයක්

Report

මෙරට කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදෙමින් ඉදිරියේදී නව QR කේත ක්‍රමයක් හඳුන්වා දී ඒ හරහා ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කර ඇත.

අද (30) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ කෘෂිකර්ම, ධීවර, සිවිල් ගුවන් සේවා සහ වරාය යන ක්ෂේත්‍රවල ඉදිරි මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මෙම නව ක්‍රමවේදය හරහා ගොවීන්ට සිය වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන කිසිදු බාධාවකින් තොරව සහ විනිවිදභාවයකින් යුතුව ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී විශ්වාසය පළ කළ තිබේ.

එමෙන්ම එළඹෙන වගා කන්නයන් සඳහා අවශ්‍ය පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද වැදගත් තීරණයක් ගෙන ඇති බවත්, ඒ අනුව මින් ඉදිරියට ගොවි ජනතාවට  සියලුම පොහොර වර්ග ලබාගත හැක්කේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

ඉරානයේ යෝධ ශක්තියක් බිද වැටෙයි - නාවික හමුදාපති මියගිය බව නිල වශයෙන් තහවුරු කරයි

ඉරානයේ යෝධ ශක්තියක් බිද වැටෙයි - නාවික හමුදාපති මියගිය බව නිල වශයෙන් තහවුරු කරයි