නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ
බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ නව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු නිදහස් කිරීමේ සිද්ධියෙන් පසු කොමසාරිස් ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.
අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමේ සිද්ධිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටිවල බරපතල අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වීමට හේතු වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාර කොමසාරිවරයා මෙන්ම අනුරාධපුර බන්ධාගාර අධිකාරිවරයාද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.