හරිනි අමරසුරිය දෙවෙනි වරටත් අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි..ඇය පිළිබඳව ඔබ මෙතෙක් නොදත් දේ මෙතනින් දැනගන්න.
නව රජයේ අග්‍රමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
එහිදී ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය - අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේද දිවුරුම් දෙනු ලැබීය.
ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු, අධ්‍යාපනඥයෙකු, අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම 2024 සිට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරනවා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි. - නව අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලිස්ට් එක මෙන්න. . - (VIDEO)
ඇය පළමුවරට දිවුරුම් දෙනු ලැබුවේ 09 වන ජනාධිපති ලෙස අනුර දිසානායක මහතා පත්වීමෙන් පසු ලෝකයේ කුඩාම කැබිනට්ටුව හිමි ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය ලෙසයි.
පසු ගිය වර අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙන මොහොතේ ඇය ජාතික ලැයිස්තුවෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරියෙකි.
ඇය මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම වාර්තාගත මනාප ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කර ඇත.
තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳ ඇයගේ පර්යේෂණ සඳහා හරිනි ප්‍රසිද්ධියට පත්ව ඇත.
ඇය දැනට නෙස්ට් නම් ශ්‍රී ලාංකික දේශීය රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය 1970 වසරේ මාර්තු මස 06 වන දින උපත ලබා ඇත.
