රියදුරන් 4,000කට එරෙහිව නීතිමය පියවර
Sri Lanka Police
Law and Order
Department of Motor Vehicles
Sinhala news
By Shehan
කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය විසින් ස්ථාපිත CCTV කැමරා හරහා ලබාගත් දර්ශන මත පදනම්ව, රථවාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට අධික පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ වසරේ අප්‍රේල් 20 වනදා දක්වා මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4,048කට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් පැවසීය.
