සතුන් භාවිතයෙන් විදුලි බිල අඩු කරන අලුත්ම ක්‍රමය.

Animals British electricity bill Ovo energy SSE
By Sewvandhi Jan 12, 2022 12:20 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 විදුලි බිල අඩුකර ගැනීම සඳහා සිය සුරතල් සතුන්ව තුරුල් කර ගැනීම හෝ ව්‍යායාම කිරීම කළයුතු බව බ්‍රිතාන්‍ය බලශක්ති සැපයුම් සමාගමක් සිය පාරිභෝගිකයන් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම සමාගම එම උපදෙස සම්බන්ධයෙන් ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කළ බවය.

OVO Energy මව් සමාගම සතු SSE සමාගම "ශීත ඝෘතුවෙදී උණුසුම ලබාගැනීමට උපකාරී වන පහසු සහ වියදම් අවම ක්‍රම" 10ක් සිය පාරිභෝගිකයින් වෙත යවා තිබුණි.

ඕට් අනුභව කිරීම, එක තැන උඩ පැනීම, මෙන්ම සුරතල් සතුන්ව තුරුල් කරගෙන සිටීම එම ක්‍රමවේදවලට ඇතුළත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now