දැනෙන ගානකින් බෙහෙත් මිල පහළ දාන්න සූත්‍රයක්
ඖෂධ මිල දැනෙන ලෙස අඩු කරගැනීම සඳහා ඖෂධ නිශ්පාදකයින් සහ ආනයනකරුවන් සමග සාකච්ඡා කර ඖෂධ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.
අද සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේ දී සෞඛ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය ඇමතිවරයා කීවේ මෙවැන්නකි.
බටහිර හෝ ආයුර්වේද ඖෂධ නිශ්පාදන සඳහා පැකිං මෙටීරියල් ලංකාවට ගෙන්වන අයට මෙවර අයවැයෙන් අපි වැට් සහනයක් ලබා දීලා තියනවා.
මේ වැට් බදු සහනයත් විදුලි බිලෙන් ඇති කළ සහනයත් එක්ක මේ ඖෂධ නිශ්පාදකයින් සහ ඖෂධ ආනයනකරුවන් එක්ක සාකච්ඡා කරලා අපට පුලුවන්කමක් ලැබේවි ජනතාවට දැනෙන ප්‍රමාණයට ඖෂධ මිල අඩු කරන්න.
ඒ සඳහා අපි මේකට අදාල කරන ආයතන, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, එස්පීසී එක, එස්පීඑම්සී එක ඇතුළු අපේ ආයතන සම්බන්ධ කරගෙන ඒ සඳහා මිල සූත්‍රයක් සකස් කරලා තියනවා.
මම හිතනවා ඒ ආනයනකරුවන් සහ නිශ්පාදකයින් අපිත් එක්ක සහයෝගය පල කරලා මේ මිල අඩුකරගැනීමට අපට සහයෝගය ලබා දේවි කියලා.
