ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ පද්ධතියක් සහිත, අධිවේගී මාර්ග තුනක් යා කරන ලංකාවේ පාළම (PHOTOS)

development Johnston fernando Mahindha Rajapaksha kalani bridge
By Sewvandhi Sep 14, 2021 09:00 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා මෙරටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊ‍යේ (13) දින එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කර තිබෙනවා. ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කල ව්‍යාපෘතියකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery