මැතිවරණ පැමිණිලි 4000ත් ඉක්මවයි...

Report

2024 ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4041ක් මේ දක්වා වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඉන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති අතර එම පැමිණිලි සංඛ්‍යාව 2947ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන් ම, මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 25ක් ලැබී ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කර සිටියි.