විශේෂ අවස්ථා කිහිපයකට අවසර ලැබේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න
නොවැම්බර් පළමුවනදා සිට බලාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුවයි. ඊට අනුව නොවැම්බර් 16 වනදා සිට සියයට 50 ක ධාරිතාවය යටතේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පංති පවත්වාගෙන යාමට අවසර දී තිබෙනවා.
ඒ සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි. රැස්වීම්, පුද්ගල හමුවීම් වැනි දෑ සඳහා ශාලාවේ ධාරිතාවයෙන් 1/3 ක උපරිමයක් යටතේ පිරිස් සහභාගී කරවාගත හැකියි.
අවන්හල් තුළ ආහාර ගැනීම් සඳහා එකවර උපරිම 75 දෙනෙකුද, භාහිර නම් 100 දෙනෙකු සඳහාද අවසර හිමිවනවා.
ප්‍රදර්ශන සහ සම්මේලන සඳහා නොවැම්බර් පළමුවනදා සිට අවසර හිමිවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති උපදෙස් මාලාවේ දැක්වෙන්නේ.
විවාහ, අවමංගල්‍ය, ආගමික් වැනි කටයුතු සඳහා පෙර පැවති නිර්දේශ එලෙසින්ම බලාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


