ග්‍රාම නිලධාරීන්ට වගකීම් පවරමින් නව චක්‍රලේඛයක්

covid19 vaccination grama niladhari kandy athula silamanarachchi
By Sewvandhi Jul 24, 2021 03:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෑම දිස්ත්‍රික්කයක් තුළම සිදු කෙරෙන කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්ථා කිරීම ග්‍රාම නිලධාරීවරන් විසින් සිදුකළ යුතු බව දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ කොවිඩ් එන්නත්කරණය පිළිබඳ ප්‍රගතිය වාර්ථා කළ යුතුවේ. වයස් කාණ්ඩ යටතේ එම තොරතුරු ලබා ඉදිරිපත් කළයුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙයි. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරීවරයෙකු විසින්ම මෙම තොරතුරු එළඹෙන 31 වන දිනට පෙර වර්තා කළයුතුය.

කෙසේවෙතත් ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දෙන්නේ මෙම වැඩපිලිවෙල ප්‍රයෝගික නොවන බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අතුල සිලමන්ආරච්චි මහතා ඒ බව සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දින කිහිපයක් තුළ මෙවැනි අවදානම් කටයුත්තක් සිදුකිරීමට පැවරීම පිළිබඳව ග්‍රාම නිලධාරීන් විමතියට පත්වී ඇති බවය.

මේ අතර ඊයේ මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ග්‍රාම නිලධාරීන් සඳහන් කළේ ග්‍රාම නිලධාරීවරුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයාබලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගත යුතු බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha