තවත් භයානක ඩෙල්ටා ප්‍රභේදයක් මෙරටින් හමුවෙයි..මුළු රටම වහන්න වෙයි?

Covid Sri Lanka Delta
By Aruna Nov 19, 2021 08:02 AM GMT
Aruna

Aruna

Report

තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇත.

මේ අතර විනෝද චාරිකාවල නිරතවන ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරයි.

ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බැවින් ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? යන තීරණය ජනතාව සතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

“සතිඅන්තය ගතකිරීම සඳහා නොයෙකුත් ප්‍රදේශවලට ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා.

කෙසේවෙතත් මේ වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල විනෝද චාරිකා ගමන්කරන පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා.

විශාල වශයෙන් වාර්තා වෙනවා වැව් ආශ්‍රිතව ඒ වාගේ ස්ථානවල විනෝද වෙමින්, දියනාමින් කටයුතු කරනවා.

සතිඅන්ත නිවාඩුව ගත කරන්න ඔබ කොහේ හරි ගිහිල්ලා ඉන්නවා නම් ඒ සෑම ස්ථානයකම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලනවා.

ඔබගේ වගකීම් යුතු හැසිරීම මේ සතිඅන්තයේ, ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? කියන එක තීරණය වෙනවා ඒ නිසා වගකීමෙන් කටයුකු කරන්න කියලා ඉල්ලනවා.”

යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha