සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට..සහල් සඳහාත් විශේෂ තීරණයක්..!

By Sewvandhi Nov 02, 2021 01:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙතෙක් සීනී සඳහා රජය විසින් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා සහල් තොග ආනයනය කිරීමටත් අද සවස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් රැස් වූ ජිවන වියදම් කමිටුව තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව හෙට සිට කිලෝවක් රුපියල් 135ත් 140ත් අතර මිලකට සිනි තොග අලෙවිය සිදුවන අතර සිල්ලර මිල තීරණය කර ඇත්තේ රුපියල් 150 සිමාවේ රඳවා ගන්නටයි.

මෙහිදී අප කළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා සීනි ආනයන කරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ අතවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 976ක් වාරයේ සිරවී ඇති බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ඒ අතර ඇති සීනි කන්ටේනර් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ලබා දීමට මුදල් අමාත්‍ය වරයා එකඟ වූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW