කුසල් මෙන්ඩිස් තරගය ඇතුලට දුෂ්මන්ත තරගයෙන් එළියට..අලුත්ම තීරණය..

kandy Kusal mendis Dhushmantha Chameera Pallekale
By Sewvandhi Jan 14, 2022 01:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරගාවලිය ලබන 16 වනදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ දී කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (14) මාර්ග ගත ක්‍රමය ඔස්සේ දසුන් ශානක සහභාගී වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. කොවිඩ් ආසාදනය වී සිට යළි සංචිතයට එක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පළමු තරගයට ක්‍රීඩා නොකරන බවයි ඔහු එහිදී වැඩි දුරටත් පවසා සිටියේ.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තවමත් තීරණයක් ගෙන නොමැති බවත් කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් ඒ සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි දසුන් එහි දී සඳහන් කර සිටියේ.

එමෙන්ම තමන් බොහෝ දුරට අංක 06 ස්ථානයේ පිතිකරණය යෙදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක එහිදී පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now