තවත් ප්‍රදේශයකින් කොවිඩ් පොකුරක් බිහිවීමේ අවදානමක්..

sri lanka Corona virus covid 19
By Sithumi Jan 18, 2022 11:38 AM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දින කිහිපය තුල කොළඹ වරාය නගරයේ මරීනා මහජන මංතීරුවට පැමිණි අති විශාල ජනකාය බරපතල සෞඛ්‍ය ගැටලූවක් ඇති කිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. 

 පසුගිය දින කිහිපයේ යෙදී තිබුණු දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතුවෙන් මෙම මහජන මං තීරුවට පැමිණ සිටි දේශීය සංචාරකයින් කිසිදු සෞඛ්‍යය පිළිවෙතක් අනුගමනය නොකිරීම මෙම අනතුරු දායක තත්ත්වය ඇතිවීමට හේතුව බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ වන විට මෙලෙස වරාය නගරයේ මහජන මං තීරුවට පැමිණි පිරිස පිළිබඳ නිල සංඛ්‍යා දත්ත වාර්තා එළි දැක් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව පසුගිය දින කිහිපය මුළුල්ලේ මෙම මං තීරුවට පුද්ගලයින් 89540 පැමිණ තිබෙනවා. 

 මෙලෙස අඛණ්ඩව වරාය නගර මහජන මංතීරුවට දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී එම මං තීරුවට ඇතුළු වන ගේට්ටු පවා වසා දැමීමට පොලිසියට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි බොහෝ දෙනෙකු කෝවිඩ් 19 සෞඛ්‍යය මාර්ගෝපදේශ නොසලකා හරිමින් මුහුණු ආවරණ පවා නොමැතිව එම මහා ජනකාය සමග ගැවසෙන අයුරු දැක්වෙන ඡායාරූප බොහොමයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now