උසස් පෙළ විෂයන් වල සිදුවුණ අලුත්ම වෙනස මෙන්න

By Sithumi Jan 06, 2022 01:33 PM GMT
Sithumi

Sithumi

Report

2023 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා කොරියානු භාෂාව විෂයයක් ලෙස සම්මත වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

කොරියානු ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සෝල් නුවර දී හමුවූ අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළේය. 

  දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් 22,000ක පිරිස පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව තුළ කොරියානු භාෂා ප්‍රවීණතාවය ඉලක්ක කරගත් ඉගෙනුම් පාඨමාලාවල ඇති ජනප්‍රියත්වය පිළිබඳව සඳහන් කර තිබේ.

මේ අතර විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ප්‍රතිචාර දක්වමින් කොරියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය යූ ඉයුන්-හයි මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු ක්ෂේත්‍රයේ මුලපිරීම් සඳහා පුළුල් සහයක් ලබාදීම සම්බන්ධයෙන් කොරියානු ජනරජය සැලකිලිමත් වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now