සයිබර් ප්‍රහාරයක් ද? තාක්ෂණික දෝෂයක් ද? – ඇමරිකාව පුරා ගුවන් ගමන් නතර කළ හදිසි සිදුවීම-සිදුවූ දේ ගැන හෙළිවූ අලුත්ම තොරතුරු මෙන්න

Report

සති අන්තයේදී ගුවන් යානා ගුවන්ගත කිරීම අත්හිටුවීමට ගත් දුර්ලභ තීරණයක් හේතුවෙන් එක්සත් ජනපදය පුරා ගුවන් තොටුපළවල මගීන් දැඩි අපහසුතාවට පත්වූ අතර, නොවැම්බර් 16 වැනි සඳුදා වන විට එරට ගුවන් ගමන් කටයුතු යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබුණි.

ගුවන් ගමන් පිළිබඳ තොරතුරු නිරීක්ෂණය කරන FlightAware ආයතනයට අනුව, සඳුදා දිනයේදී එක්සත් ජනපදයට පැමිණෙන, ඉන් පිටත්ව යන සහ රට තුළ සිදුවන ගුවන් ගමන් 350කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

කෙසේ වෙතත්, සිකුරාදා ගුවන් ගමන් අත්හිටුවීමේ නියෝගය නිකුත් කරන අවස්ථාව වන විට අවලංගු කර තිබූ ගුවන් ගමන් සංඛ්‍යාව 9,200ක් පමණ විය.

සඳුදා චීනය බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සන්නිවේදන පද්ධති බිඳවැටීම සම්බන්ධයෙන් පැරණි සහ අක්‍රිය උපකරණ මෙන්ම පෙර පැවති පාලනාධිකාරියට ද චෝදනා කළේය.

2001 සැප්තැම්බර් 11 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දෙවැනි වරටත් එක්සත් ජනපදය පුරා ගුවන් යානා ගුවන්ගත කිරීම් අත්හිටුවීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) පියවර ගෙන තිබුණේ මෙම සන්නිවේදන පද්ධති දෝෂය හේතුවෙනි.

"මෙම ගැටලුව නිවැරදි කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට අප වසර දෙකක සිට උත්සාහ කරමින් සිටිනවා" යැයි පැවසූ ට්‍රම්ප්, ඒ සම්බන්ධයෙන් කොංග්‍රසයට ද වගකීම පැවරීය.

The Wall Street Journal පුවත්පත සෙනසුරාදා වාර්තා කර තිබුණේ ආර්කන්සාස් ප්‍රාන්තයේ සහ ඇතැම් විට ටෙක්සාස් ප්‍රාන්තයේ ද ස්ථාපිත කර තිබූ පැරණි ජාලකරණ උපකරණ (Networking Equipment) අධික පද්ධති බරක් හේතුවෙන් අක්‍රිය වීම මෙම සන්නිවේදන බිඳවැටීමට හේතු වී ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන 22න් 17කම සන්නිවේදන කටයුතු අඩාල වී තිබේ.

9/11 ප්‍රහාරයෙන් පසුව රට පුරා ගුවන් යානා ගුවන්ගත කිරීම් අත්හිටුවූ දීර්ඝතම අවස්ථාව මෙය වන අතර, එම තත්ත්වය සමස්ත ගුවන් සේවා ක්ෂේත්‍රයටම දැඩි බලපෑමක් එල්ල කළේය.

ගුවන් යානා තමන්ට නියමිත නොවූ ගුවන් තොටුපළවල රැඳී සිටීමට සිදුවීමත්, ගුවන් කාර්ය මණ්ඩලවල සේවා කාලය නියමිත උපරිම සීමාව ඉක්මවා යාමත් හේතුවෙන් ගුවන් සේවා මෙහෙයුම් තවදුරටත් සංකීර්ණ විය.

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

මේ අතර, United Airlines ගුවන් සමාගම ද සඳුදා දිනයේදී සිය පද්ධතියේ පුළුල් බිඳවැටීමක් වාර්තා කළේය. එම ගැටලුව නිරාකරණය කරන තෙක් එම සමාගමේ ගුවන් ගමන් පිටත්වීම් ද තාවකාලිකව ප්‍රමාද විය.

සයිබර් ප්‍රහාරයක් නොවේ

සිකුරාදා ගුවන් ගමන් අත්හිටුවා තිබූ අවස්ථාවේදී එක්සත් ජනපද පාලනාධිකාරිය අවධාරණය කළේ මෙම සිදුවීම ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් හෝ සයිබර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් නොවන බවයි.

ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී සිකුරාදා රාත්‍රියේ ප්‍රකාශ කළේ පැරණි පද්ධතියක් අධික බරක් හේතුවෙන් අක්‍රිය වීම මෙම ගැටලුවට හේතු වී ඇති බවයි.

එහිදී ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සඳහන් කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැඩි පූර්වාරක්ෂක පියවරක් ලෙස රට පුරා ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කළ බවයි.

එහෙත් එම බාධාව මධ්‍යයේ වුවද ඇතැම් ගුවන්විදුලි සංඛ්‍යාත සහ රේඩාර් පද්ධති ක්‍රියාත්මකව පැවති බැවින් ගුවන් ගමන් පාලකයන්ට ගුවන් යානා සමඟ සන්නිවේදනය පවත්වා ගැනීමට සහ ඒවා නිරීක්ෂණය කිරීමට හැකි වූ බවද එම පරිපාලනය වැඩිදුරටත් සඳහන් කළේය.

සිකුරාදා රාත්‍රී 8.15ට පමණ රට පුරා ක්‍රියාත්මක කළ ගුවන් ගමන් අත්හිටුවීමේ නියෝගය ඉවත් කරනු ලැබුවද, අවලංගු වූ ගුවන් ගමන්, ස්ථාන මාරු කිරීමට සිදු වූ ගුවන් යානා සහ කාර්ය මණ්ඩල ගැටලු මෙන්ම නැවත ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට සිදු වූ දහස් සංඛ්‍යාත මගීන් මුහුණදුන් අපහසුතා සඳුදා වන විටත් පැවතුණි.

කොංග්‍රසයෙන් ඩොලර් බිලියන 50ක් ඉල්ලයි

මේ අතර, එක්සත් ජනපද ගුවන් ගමන් පාලන පද්ධතිය නවීකරණය කිරීම සඳහා අතිරේක අරමුදල් ලබාදෙන ලෙස ප්‍රවාහනලේකම් ෂෝන් ඩෆී කොංග්‍රසයෙන් ඉල්ලීමක් කළේය.

ගුවන් ගමන් පාලන පද්ධතිය වැඩිදියුණු කිරීම සහ නවීකරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 50ක මුදලක් අවශ්‍ය බව පවසමින් ඔහු එම ඉල්ලීම ඉදිරිපත් කළේය. "මෙය හදිසි තත්ත්වයක්. අපට හදිසි අරමුදල් ලබාදෙන ලෙස මම කොංග්‍රසයෙන් ඉල්ලා සිටිනවා.

මෙය ද්විපාර්ශ්වික කරුණක්. මෙය ඇමරිකාවට අදාළ ප්‍රශ්නයක්. මට ඩොලර් බිලියන 50ක් අවශ්‍යයි" යනුවෙන් ඩෆී ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

2023 ජනවාරි මාසයේදී ද එක්සත් ජනපදයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ ප්‍රධාන බිඳවැටීමක් වාර්තා වූ අතර, එහිදී Notice to Air Missions (NOTAM) නමින් හැඳින්වෙන වෙනත් සන්නිවේදන පද්ධතියක් අක්‍රිය වීම හේතුවෙන් සියලුම ගුවන් ගමන් පිටත්වීම් අත්හිටුවීමට සිදුවිය. එ

ම අවස්ථාවේදී ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ දෘඪාංග පද්ධතියේ නොව මෘදුකාංග පද්ධතියේ ඇති වූ ගැටලුවක් ඊට හේතු වූ බවයි. විශේෂයෙන් හානි වූ දත්ත සමුදා ගොනුවක් (Database File) එම බිඳවැටීමට හේතු වන්නට ඇති බවට ද සැක පළ කෙරිණි.

කෙසේ වෙතත්, 2023 ජනවාරි මාසයේදී සිදු වූ එම ගුවන් ගමන් අත්හිටුවීම පැය දෙකකටත් අඩු කාලයකට සීමා වූ අතර, මෙවර සිදුවීම ඊට වඩා පුළුල් බලපෑමක් ඇති කළේය.

ඩොලරය අදත් ඉහළ නඟී -රුපියල තවදුරටත් පහළට – අද බැංකුවල ඩොලරයේ මිල ගණන් මෙන්න

ඩොලරය අදත් ඉහළ නඟී -රුපියල තවදුරටත් පහළට – අද බැංකුවල ඩොලරයේ මිල ගණන් මෙන්න