"ඒක විශේෂ වරප්‍රසාදයක් නෙවෙයි, කරුණු විකෘති කිරීමක්" – චම්පිකට එරෙහිව පරිපාලන සේවා සංගමය නිකුත් කළ නිවේදනය මෙන්න
අයවැය යෝජනා යටතේ රාජ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, පසුගිය අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේදී පාඨලී චම්පික රණවක මහතා විසින් මෙම දීමනාව රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට අල්ලසක් ලෙස ලබාදුන් බවට සිදුකළ ප්‍රකාශය තුළින් වක්‍රව මෙන්ම සෘජුවම ඉලක්ක කර ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවය බව පැහැදිලි වන බවයි.
එම ප්‍රකාශය සිය සේවාවේ මෙන්ම නිලධාරීන්ගේ ගෞරවයට සහ වෘත්තීය අභිමානයට බරපතළ හානියක් සිදුකරන බවද සංගමය අවධාරණය කර ඇත.
තවද, අදාළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම කරුණු විකෘති කිරීමක් බව දැඩිව අවධාරණය කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ප්‍රවාහන දීමනාව සමස්ත ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ නිලධාරීන්ට අදාළ සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයක් බවත්, එය කිසිසේත්ම ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ට පමණක් හිමිවන විශේෂ වරප්‍රසාදයක් නොවන බවත් සංගමය පෙන්වා දී තිබේ.
ඒ අනුව, අදාළ කරුණු සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව නිවැරදි කිරීමක් සිදුකිරීමට පාඨලී චම්පික රණවක මහතා ඇතුළු අදාළ පාර්ශ්වය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්
