කොවිඩ් පාලනයට චීනය හා ලංකාව අතර නව ගිවිසුමක්
covid19
China
Twitter
Sri lanka
Economic
By Sewvandhi
චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය රෙන්මිබි බිලියන 2ක කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළඹි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් දන්වයි.
එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5ක මුදලකි. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි අදාළ මූල්‍ය පහසුකම ලබාදුන් බව එම පණිවුඩයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදීමට චීන සංවර්ධන බැංකුව කටයුතුකර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |