ලක්ෂ ගාණක් වටින අනුන්ගේ රන්මාලයක් උකස් කෙරූ ජනප්‍රිය රංගන ශිල්පිනියට ඇප
නව පරපුරේ රංගන ශිල්පිනියක තම හිතවතෙකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් ඔහුගේ අනුදැනුමකින් තොරව රුපියල් ලක්ෂ 6කට උකස් කිරීමේ චෝදනාව මත තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට සඳහන් වේ.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ අදාළ රන් මාලය බේරාගෙන නැවත හිමිකරුට ලබාදීමට සේවාදායිකාව සූදානම් බවයි.
ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, නඩුව ලබන අප්‍රේල් 22 වන දින නැවත කැඳවීමට නියමිත බවත් සඳහන්.