රජයට ගත්ත නෙවිල් ප්‍රනාන්දු රෝහලට දැන් කරන්න යන දේ.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Feb 27, 2023 05:05 AM GMT
Wayomi

Wayomi

Report

රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ​රෝහල විකිණීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ දැන්වීම් ලබන සතියේදී මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව සඳහන්.

එමෙන්ම යෝජනා කැඳවීමට පෙර පෞද්ගලික ආයෝජකයන් දෙදෙනකු සිය යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගත්තද එය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන පනහක මුදලක් මහා භාණ්ඩාගාරය වාර්ෂිකවද ලබාදී තිබෙන අතර එම මුදල ලබාදීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..  

JOIN NOW