දින පහක් තිබූ නේපාලයේ ඇඳිරි නීතිය ඉවතට

Report

නේපාලයේ පැවති විරෝධතා නිසා දින 5ක කාලයක් පුරා ක්‍රියාත්මකව තිබූ ඇඳිරි නීතිය අද (13) දින උදෑසන සිට ඉවත්කිරීමට පියවර ගත් බව එරට හමුදා ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

එබැවින් අද දිනයේ කත්මන්ඩු අගනුවර ඇතුළු ප්‍රදේශවල වෙළඳසැල්, සාප්පු සංකීර්ණ යනාදිය විවෘත කර ඇති බව වාර්තා වේ.

එසේම දෛනික ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නව අගමැති කාර්කි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

නව අගමැති කාර්කි නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරියි

මෙසේ රට යථා තත්ත්වයට පත් වීමට නේපාල අග්‍රමාත්‍ය ධුරය වෙනුවෙන් එරට හිටපු අගවිනිසුරුවරියක වන සුශිලා කාර්කි මහත්මිය ඊයේ (12) දින පත්වීම හේතු වී ඇති බව පවසයි.

එරට තුළ සමාජ මාධ්‍ය සඳහා සීමා පැනවීමට නේපාල රජය ගත් ක්‍රියාමාර්ගයට විරුද්ධව එරට පුරා දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක වී තිබුණා.

ඒ අනුව එය පාලනය කිරීමට එරට තුළ ඇඳිරි නීතිය පනවා තිබුණා.

එමෙන්ම විරෝධතා අතරතුර පුද්ගලයින් 51දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ බව වාර්තා වේ. 

ජනපති අනුර විසින් නේපාල අගමැතිනියට සුභපතයි

ජනපති අනුර විසින් නේපාල අගමැතිනියට සුභපතයි

චීනය සමඟ දැනටමත් ගැටුමක සිටින බවට පලාවු ජනාධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

චීනය සමඟ දැනටමත් ගැටුමක සිටින බවට පලාවු ජනාධිපතිගෙන් අනතුරු ඇඟවීමක්