මේ අංශවල නිලධාරීන්ටත් බදාදාට WORK FROM HOME - විශේෂ නිවේදනයක් නිකුත් කරයි
ජාත්‍යන්තර අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියා මාර්ගවලට අනුගත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී ඇත.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අඳාළ නිවේදනයෙහි සඳහන් වන්නේ, මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම,
කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ
නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ
ජාතික පිළිකා මර්ධන වැඩසටහන
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,
යන ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතු බවයි.
තවද ප්‍රවාහන අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාල නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ - වැ.බ.) උපදෙස් පරිදි සුවසිරිපාය පරිශ්‍රයේදී බදාදා දින රාජකාරි ඉටු කල යුතු බවත් එහි දැනුම් දී ඇත.
එමෙන්ම ඉහත සෞඛ්‍ය ආයතනවල සිදුකළ යුතු අත්‍යවශ්‍ය කාර්යයන් සුදුසු ක්‍රමෝපායන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව ද වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින අනෙකුත් අංශ /ඒකක අවම අවශ්‍යතාවයට සරිලන පරිදි කාර්ය මණ්ඩලය බදාදා දින සීමා කිරීමට අවධානය යොමුකළ යුතු අතර සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා ඵලදායී ආකාරයට පවත්වා ගනිමින් මෙම අවස්ථාව කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ද අඳාළ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
අලුත් අවුරුද්දෙන් පස්සේ ලංකාවේ දැවැන්ත අර්බුදයක් - ඉන්ධන නෑ - ලෝකෙම අමාරුවේ දැම්මට බිමල් ලෝක නායකයින්ටත් අමතයි
එම සම්පූර්ණ නිවේදනය පහතින්,