අයියගෙයි නංගිගෙයි දෙන්නටම දිවි අහිමි කළ මාරක අනතුරක්

Report

 යාපනය පොලිස් වසමේ යාපනය කොළොම්බුතුරේ මාර්ගයේ නෙඩුම්කුලම් හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 පොලිසිය සදහන් කළේ ඊයේ (16) රාත්‍රීයේ යාපනය දෙස සිට කොළොම්බුතුරේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ මණියන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිව සිටි බ්‍රැඩ්ලි (වයස අවුරුදු 24) සහ ඔහුගේ සහෝදරිය වන ඩිලක්සි (වයස අවුරුදු 19) යන අයයි.

මෙම අනතුරට සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. තවද සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.