ඇමෙරිකානු තානාපති කාර්යාලයට ප්‍රහාරයක් - මෙතෙක් සිදු වූ දරුණුම ප්‍රහාරය මෙයයි
බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.
මෙය ප්‍රහාර ආරම්භ වූ දා සිට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වන බව ඉරාක ආරක්ෂක අංශ පවසා ඇත.
මෙම ප්‍රහාරයට පැය හයකට පමණ පෙර, ඉරාකයේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.
එහිදී ඔවුන් අනතුරු අඟවා සිටියේ "ඉරානයට පක්ෂපාතී ත්‍රස්තවාදී සන්නද්ධ කණ්ඩායම්" විසින් මධ්‍යම බැග්ඩෑඩ්හි පිහිටි ජාත්‍යන්තර කලාපයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කර ඇති බවය.