ජනප්‍රිය නිළි නෙහාරා පීරිස් දෙවන වරටත් මව් පදවියට සැරසෙයි (PhOTOS )
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් මෙන්ම නර්ථන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ කාගේත් ආදරය වගේම ආකර්ෂණය දිනා ගත්ත ඇය කාලයක් රංගනයට පොඩි විවේකයක් ලබා දීලා පහුගිය කාලයේ නැවතත් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුනු ගුග්ලි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආවා.
ඉතින් ඒ වගේම ඇය දැන් අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්ද වන මේනක රාජපක්ෂ සමඟ විවාහ වෙලා කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරන බව හැමෝම දන්නා කාරණයක්. ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවලට දැන් පුංචිම පුංචි සුරංගනාවියක් වගේ ලස්සන දියණියක් ද ඉන්නවා කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් මේ සිගිති දියණියගේ නම තමයි මෙයිලි නිකොලා රාජපක්ෂ කියලා කියන්නේ. කොහොම නමුත් මේ ආදරණීය පුංචි කැදැල්ල ගැන තවත් සතුටු දායක පුවතක් අපි පහුගිය දවසක ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති. ඉතින් ඒ තමයි නෙහාරා පීරිස් දෙවන වරටත් උතුම් මව් පදවිය ලබන්නට යන ආදරණීය පුවත. ඉතින් ඇය පහුගිය දවසක පුංචි මෙයිලි දොනිත් එක්ක හරි අපූරු ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය ඡායාරූප පෙළ මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ දක්ෂ ජනප්‍රිය ඡායාරූප ආයතනයක් වන Mishtre Photography ආයතනය විසිනුයි.
ඉතින් ඒ වගේම මෙම ඡායාරූප පෙල නිසා උතුම් මව් පදවියට සැරසෙන නෙහාරාට සාමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් සුබ පැතුම් කතු කරලා තියනවාත් අපට දැකගන්න ලැබුණා. ඉතින් අපිත් නෙහාරාට හදවතින්ම සුබ පැතුම් එකතු කරන ගමන් මෙලොව එලිය දකින්න ඉන්න පුංචි පැටියට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම මේ ආදරණීය පුංචි කැදැල්ලටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු






