නෙහාරා මට තව බබෙක් ඕනි කීවා මට පුදුම හිතුනා - තෙවෙනි වරටත් නෙහාර උතුම් මව් පදවියට
ක්ෂේත්රය තුළ බොහෝ දෙනා ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ.
ඇය විවාහ වන්නේත් රංගන ක්ෂේත්රයේම ආදරණීය රංගන ශිල්පියෙක් වන මේනක රාජපක්ෂ සමඟයි.
මේ වන විට විදෙස්ගත වී ජීවත් වන ඔවුන් ඉතාමත් සාර්ථක යුග දිවියක් ගත කරන අතර ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ දෙමාපියන් ද වෙනවා.
ඉතින් ඔවුන් ඉතාමත් ආදරයෙන් ජීවත්වන අතර මේ කැදැල්ල දෙසින් නැවත වතාවක් සුභම සුභ පණිවිඩයක් ඇසෙන්න පටන් අරන්.
ඒ තෙවැනි වරටත් ඇය උතුම් මවගේ තනතුර ලබන්නට සූදානම් බව කියන සුභ පණිවිඩයයි.
ඉතින් මේනක රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් මුහුණුපොතට සටහනක් එක් කර තිබුණි.
එහිදී ඔහු සඳහන් කර තිබුණේ,
"නෙහාරා කිව්වා එයාට තව බබෙක් ඕන කියලා. මම හිතුවේ එයා විහිළුවක් කරනවා කියලා. අපි නවත්තන්න එච්චර දක්ෂ නෑ වගේ. 🤣❤️👶 #බබා_අංක3 අපේ පවුලේ වික්රමය තව ටිකක් ලොකු වෙමින්, තව ටිකක් ඝෝෂාකාරී වෙමින්, සහ වඩාත් මිහිරි වෙමින් පවතී. අපගේ අලුත්ම කුඩා කණ්ඩායමේ සාමාජිකයා හමුවීමට අපට බලා සිටිය නොහැක. 🙈❤️"
යන අදහසයි. ඉතින් ඔවුන්ගේ කැදැල්ලට ලැබුණු මේ සුබ පණිවිඩයට අපිත් හදවතින්ම සුභ පැතුම් එක් කරමු.