දෙවියනේ ඔබත් මේ අතරද..?මිලියන 40කට ආසන්න පිරිසක් මිය යාමට යයි..අලුත්ම අනාවරණය..

By Sewvandhi Sep 17, 2024 10:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඖෂධවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා සහ දිලීර වැනි රෝගකාරක හේතුවෙන් 2025 සහ 2050 අතර කාලය තුළ පුද්ගලයින් මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

'ද ලැන්කැස්ට්' සඟරාව පළකළ මෙම වාර්තාව මෙම තත්ත්වය නම් කර ඇත්තේ 'සුපර්බග් ක්‍රයිසිස්' එනම් 'සුපර්බග් අර්බුදය' ලෙසිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ ඖෂධවලට ඔරොත්තු නොදෙන මෙවැනි ක්ෂුද්‍රජීවී රෝගකාරක, වර්ධනය වෙමින් පවතින ගෝලීය මහජන සෞඛ්‍ය අවදානමක් බවය.

පුද්ගලයින් මිලියන 520කට ආසන්න පිරිසක් යොදාගෙන කාලයක් පුරා සිදුකළ මෙම පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ මෙම අර්බුදයේ වැඩි බලපෑම එල්ලවන්නේ වයස්ගත පුද්ගලයින්ට බවයි.