මෙවර කොරියානු රැකියා සඳහා ලංකාවෙන් ගිය අය ගැන මෙන්න ආරංචියක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව, මෙම වසරේ ගතවූ කාලය තුළ දකුණු කොරියානු රැකියා සඳහා ලාංකිකයින් 2,927 දෙනෙකු පිටත්ව ගොස් ඇත.
එම පිරිස අතර තරුණියන් 100 දෙනෙකු ද ඇතුළත් බව කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව නිෂ්පාදන අංශයට 2,197 දෙනෙකු, ධීවර අංශයට 680 දෙනෙකු, ඉදිකිරීම් අංශයට 23 දෙනෙකු සහ කෘෂිකර්ම අංශයට දෙදෙනෙකු රැකියා අවස්ථා ලබාගෙන ඇත.
මේ අතර තවත් ලාංකිකයින් 200කට ආසන්න පිරිසක් මෙම මාසය අවසන් වීමට පෙර දකුණු කොරියාව බලා පිටත් කිරීමට කාර්යාංශය සැලසුම් කර තිබේ.
එමඟින් වසර ආරම්භයේ සිට මෙම මස අවසානය වන විට කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 3,000 ඉක්මවා යනු ඇතැයි කාර්යාංශය පවසයි.
ඊට අමතරව 2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 36,475 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, එම විභාගය එළැඹෙන 23 වැනිදා ආරම්භ වීමට නියමිත බව ද කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටී.