ඉන්දීය ධීවරයන් 12ක් හසුකරගත් භයානක රාත්‍රි නාවික හමුදා මෙහෙයුම.. වීඩියෝ සහිතයි (VIDEO)

srilanka Corona virus covid 19
By Sithumi Feb 13, 2022 04:59 PM GMT
Sithumi

Sithumi

Report

  මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සමඟ ට්‍රෝලර් යාත්‍රා 02 ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, තලෙයිමන්නාරමට උතුරෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදි නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදීයි.

එම ඉන්දීය ධීවරයින් පිරිස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදී සිටි බවයි නාවික හමුදාව පැවසුවේ. සිය භාරයට ගැණුනු ඉන්දීය ධීවරයින් පිරිස හා ටෝලර් යාත්‍රා 02, ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත යොමු කිරීමට ද මේවනවිට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි නාවික හමුදාව පැවසුවේ. 

එම නාවික හමුද මෙහෙයුම පහත වීඩියෝවෙන් නරඹන්න..

දර්ශන සහය - www.navy.lk



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now