උතුරු මුහුද රළු වෙයි- ධීවරයින්ට සහ නාවිකයින්ට රතු නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රළු මුහුදු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට අනතුරු අඟවයි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. සුළං නිරිත දෙසින් හමා එනු ඇත.

සුළං වේගය පැයට කිලෝමීටර 30-40 ක් විය හැකිය. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි විය හැකිය.

මේ ලග්න 4ට අද මහා ධන යෝගයක් - දවසේ ලග්න පලාපල

මේ ලග්න 4ට අද මහා ධන යෝගයක් - දවසේ ලග්න පලාපල

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකිය.

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය.

ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා ඇති අනෙකුත් මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 - 2.5 ක් පමණ වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදක් අපේක්ෂා කළ හැකිය.  

land_pdf (1) by kanchana