ජාත්‍යන්තර මුහුදේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට

Report

දෙවුන්දරට ​​දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමඟ සැකකරුවන් 7දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නාවික හමුදාවට මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකිවී ඇත්තේ දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමඟ එක්ව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්.

එහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමඟ ධජ රහිත යාත්‍රාව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට මේ වනවිට ගොබිමට රැගෙන එමින් ඇති බව සඳහන්.

මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට ඉන්දීය සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සිදුකළ ශක්තිමත් සම්බන්ධීකරණය හේතු වී ඇති බව සඳහන්.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ලොව විශාලතම බහුජාතික නාවික සන්ධානය වන, ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සාමාජිකත්වය ලබා තිබීම සහ කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය ඔස්සේ තත්‍යකාලීන නිවැරදි තොරතුරු සහිතව සමුද්‍රීය වසම් පිළිබඳ සියලු සමුද්‍රිය පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ශක්තිමත් කර ඇත.

එසේම කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය ඔස්සේ බුද්ධි තොරතුරු සහ සමුද්‍රීය තර්ජන තක්සේරු කිරීම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත ඒකාබද්ධ කෙරෙන අතර, ගුවන් හමුදාව සමඟ සිදුකෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්ශන සහ නිරීක්ෂණ මඟින් සාගරයේ නිරීක්ෂණ වපසරිය පුළුල් කර තිබෙනවා.

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් ඉකුත් 2025 වසරේ ඔක්තෝබර් මාසයේදී රජය විසින් ආරම්භ කළ 'රටම එකට' ජාතික මෙහෙයුමේ දිගුවක් වශයෙන් ජාත්‍යන්තර මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකර‍යි.

මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලින් නාවික හමුදාව රුපියල් බිලියන 116කට අධික (රු.කෝ. 11,600) දළ විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගැනීම සිදුකර ඇති අතර 2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මෙතෙක් සිදුකළ මෙහෙයුම්වලින්, විදේශීය යාත්‍රා 04ක් ඇතුළුව යාත්‍රා 66ක්, විදේශීය පුද්ගලයන් 18ක් ඇතුළුව සැකකරුවන් 379ක් නීතිය හමුවට පමුණුවා ඇත.

අද ණය දුන්නොත් දුන්නම තමයි - මේ ලග්න හිමියන් අද මුදල් ගනුදෙනුවලදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි

අද ණය දුන්නොත් දුන්නම තමයි - මේ ලග්න හිමියන් අද මුදල් ගනුදෙනුවලදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි