ජාතික ආරක්ෂක මණ්ඩලය ගැන ගත් නවතම තීරණය.

Sri Lanka
By Wayomi Feb 21, 2023 07:12 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට අනුව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1999 සිට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක මණ්ඩලය ජාතික ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දීම සිදුකරනු ලබයි.

එසේම ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේශීය, විදේශීය, ආර්ථික සහ හමුදා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ මූලික විධායක ආයතනය වශයෙන් කටයුතු සිදුකරනු ලබන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...         

JOIN NOW