මම දැන් ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු 20ක් වෙනවා, අවුරුදු 6ක් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉදලා ලංකාවට ආවේ කළාව වෙනුවෙන්මයි-නතාෂා පෙරේරා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියලා කියන්නේ.
ඉතින් ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් සමඟ විවාහ වෙලා ඉන්න ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්න නිසා වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අලුත් ගීතයක් කරලා තියෙන නිසා ඒකත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ඇය කියනවා.
ඒ වගේම ඇය දැන් ලංකාවට ඇවිත් මාස තුනක් විතර වෙනවාලු. ඉතින් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන දැන් අවුරුදු හයක් විතර වුනත් නිතරම ලංකාවට එනවා කියලයි නතාෂා කියන්නේ. කොහොම නමුත් මේ පාර ලංකාවට ආවේ නිර්මාණ කරන්න හිතාගෙනමයි කියලත් ඇය කියනවා. ඉතින් මෙච්චරකල් තිබුණා නිහැඬියාව බිඳිමින් ඇයගේ සුපුරුදු ගායනයට අවතීර්ණ වීමේ අදහසින්ලු ඇය මේ පාර ආවේ.









