මායි ප්‍රිහානුයි වෙන් වෙලා නෑ.ඒත් එයා දැන් මගෙත් එක්ක මොකුත් කරන්නේ නෑ. ලංකාවේ සුදුම නිළිය සුරූපී නතාෂා පෙරේරා (PHOTOS).
ලංකාවේ ඉන්න බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියන්නේ. දක්ෂ ගායන ශිල්පිනියක් විතරක් නෙමෙයි ඇය බොහොම කලාතුරකින් දකින්න ලැබෙන රූ සම්පත්තියකටත් හිමිකම් කියනවා කිවුවොත් හරියටම හරි. ඉතින් ලස්සන රූ සපුවකට හිමිකම් කියන ඇයට ගොඩාක් ආදරේ කරන ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් සිටිනවා.
ඇත්තටම ඇය මේ දවසවල නව නිර්මාණ වලින් දකින්නට ලැබුනේ නැතත් ඇය මෙතෙක් කරපු නිර්මාණ ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුල හැමදාම රැදිලා තියෙනවා. ඒ නිසයි ඇයට මෙතෙක් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ආදරේ කරන්නේ. ඉතින් කාලයකට ඉහතදී ඇය පුංචි කාලේදී සුළගක් වී මන් යනවා ගීතය හරහා වගේම ස්වර්ණවාහිනියේ විකාශය වුනු දඟ මල්ල නම් ටෙලි සිත්තම තුලින් ද පුංචි කාලයේ සිටම දක්ෂතා රැසක් පෙන්නූ ඇය අද වනවිට සංගීත විශාරදවරියක්, රංගන ශිල්පිනියක්, නීතීඥවරියක් වගේම හොඳ බිරිදක් සහ ගෘහනියක් විදිහට මැයව හදුන්වන්න පුළුවන්..ඉතින් නතාෂාගේ අලුත්ම තොරතුරු අපිට කිවුවේ මේ විදිහටයි.ජීවිතේ හොඳයි, හොඳින් ඉන්නවා.
දැන් නැවතත් ලංකාවෙ ඉන්නෙ. අවුරුදු දෙකකට විතර පස්සෙ ආවේ. ඉතින් ඒ නිසා අලුත් සිංදුවක් කළා. ‘තාම ආදරෙයි’ ඒක ලිව්වේ සාදර බණ්ඩාර. සංගීතය චරිත එදිරිසිංහ. මේ සින්දුව වීඩියෝ එකක් එක්කම එළිදක්වන්න තමයි ඉන්නේ. තව මම හින්දි සින්දුවකට කවර් එකක් කරන්න ඉන්නවා. ඒකත් ළඟදීම අහන්න ලැබෙයි.නීතිඥ වෘත්තිය මම 2015 තමා දිවුරුම් දුන්නේ. ඊට පස්සේ ටික කාලයක් වැඩ කරලා තමයි ස්ථිර පදිංචියට ඔස්ට්‍රේලියාවට ගියේ.
නමුත් මම කැමැති මම ඉගෙන ගත්ත දෙයින් සමාජයට සේවයක් කරන්න. ප්රිහන් එක්ක අලුත් ගීතයක් කරන්නේ නැත්තේ ඇයි කියල ගොඩ දෙනෙක් අහනවා එක මෙහෙමයි.අපි දෙන්නා වෙන් වෙන් වශයෙන් මේ ක්ෂේත්‍රයට ඇවිත් මේ ගමන පටන් ගත්ත නිසා හිතුවේ තනි තනි නිර්මාණ කරන්න ඕනේ කියලා
. ප්‍රිහාන් සහ මම ඉන්නේ ඒ අදහසේ. ඒ නිසා අනිත් අය කරන නිසා අපිත් ඒ දේ කරමු කියන තැන අපි දෙන්නම නැහැ ඉතින් එක නිසා පසු ගිය කලේ අපි දෙන්න වෙන් වෙලා කියලා ගොඩාක් කට කතා ගියා.ඔය කටකතා ඉතින් අද ඊයේ තිබ්බ දේවල් නෙවෙයි. ඒ නිසා ඒවා ගැන මම කලබල වෙන්නේ නැහැ. අනිත් අතට ඔහොම කතාවක් හැදෙන්න ඇත්තෙ මම හිතන විදියට ප්‍රිහාන් සහ මම එකටම නිතර ගමන් බිමන් යන්නෙ නැහැ, ෆොටෝ දාන්නෙ නැහැ.
ඔය නිසා වෙන්න ඇති කියලයි මම හිතන්නේ. අනික එයා මාත් වැඩිය එක්ක මුකුත් කරන්නෙ නැහැ. ඇත්තටම මට ඒක හිතාගන්න බැහැ. එයාට ඕන නැත්නම් මට ඕනෙත් නැහැ. එයා රඟපානවට එහෙම එහෙම නීති දාලා නැහැ. මොකද මම කලාවට ආවේ පොඩි කාලෙ ඉඳන්. එයත් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නේ
. ප්‍රිහාන් කියන්නේ හැකියාවක් තියෙන නිසා නිර්මාණවලට දායක වෙන්න කියලා. ඉතින් හොඳ ආරාධනාවක් ආවොත් භාර ගන්නවා.නිර්මාණයේ තියෙන ගුණාත්මක බව තමයි මම බලන්නේ. මොකද මේ වෙනකම් මම නිර්මාණ කරලා තියෙන්නේ දෙක තුනයි. හැබැයි ඒවාට සම්මාන පවා මට ලැබුණා. අනික් අතට නීතිය පැත්තෙන් කටයුතු කරන නිසා එයටත් හානියක් නොවන නිර්මාණ තමා භාර ගන්නේ
____________________________________________________
ජනප්‍රිය නර්ථන ශිල්පිනි අසේකට කෝපිපති සැමියගෙන් ලැබුණු අපූරු තෑග්ග...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |