බෲනෝට ඇප හිමි වෙයි.. සද්ධාරතන හිමි සහ නතාෂා සම්බන්ධයෙනුත් නියෝගයක්..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි.
ඇය සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ ය.
ඇයගේ ප්‍රකාශය යූ.ටියුබ් නාලිකාවකින් ප්‍රචාරය කළ බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළ අතර ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත යි.
මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් ද ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ය.
ඒ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හේතුවෙන් ය.