නැනෝ දියර පොහොර කෑනුත් පුපුරා යයි..භාවිතයේදී පොහොර ඉසින යන්ත්‍රත් ක්‍රියාවිරහිත වේ..(VIDEO)

By Sewvandhi Dec 09, 2021 12:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙම කන්නයේ වගාවන්ට යෙදීම සඳහා ලබාදුන් දියර පොහොර කෑන් පුපුරා යන බව හොරෝපතාන ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරති. නැනෝ පොහොර යනුවෙන් සඳහන් පොහොර දියර පොහොර කෑන් දෙසියයක් පමණ තමන්ට ලබාදුන් බවත් ඉන් සියයත් පමණ පුපුරා ඇති බවත් ඔවුන් කියා සිටිති. වෙව දියර පොහොර වගාවන්ට යෙදීමද ඉතා අපහසු බවත් සමේ ආසාදන හට ගන්නා බවත් පවසන ඔවුන් පොහොර ඉසින යන්ත්‍ර පවා ක්‍රියා විරහිත වන බව කියා සිටියහ. ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා මෙම පොහොර සම්බන්ධයෙන් නිසි අදහසක් නැති බව ද ඔවුහු පැවසූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW