නව ජනාධිපති ලේකම්වරයා නම් කෙරේ..(PHOTOS)
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබෙනවා.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
ආචාර්ය නන්දික සනත් කුමානායක කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔහු කටයුතු කරනු ලැබුවකි.