කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනීයනි.. මලක් වන් ඇයට තවත් සුවඳක් එක් කරමින් පරිසර අමාත්‍යංශයෙන් නිවේදනයක්

Report

දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගැඹුරු, සවිමත් මෙන්ම මධුර හඬකින් මුළු මහත් දැයක් අවදි කළ ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ මහා ප්‍රදීපස්තම්භය වූ ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් 2004 වසරේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී උඩවැඩියා මල් සංගමය ප්‍රධානය කළ, 'නන්දා මාලනී ඇස්කොසන්ඩා' නමින් නම් කරන ලද දෙමුහුන් කළ උඩවැඩියා මල සිහිපත් කරමින් පරිසර අමාත්‍යංශය මඟින් සමාජ මාධ්‍ය සටහනක් තබා ඇත.

ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය (Orchid Circle) විසින් ඇයට උපහාරයක් වශයෙන් නම් කරන ලද "Ascocenda Nanda Malani" උඩවැඩියා මල ඇගේ නාමය සොබාදම් මාතාවගේ තුරුලේ අමරණීය කළ සංකේතයක් වේ.

ඇය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරද්දි මුළු රටම පුදුම කළ හෙළයේ ගීතකෝකිලාවිය වූ නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න

ඇය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරද්දි මුළු රටම පුදුම කළ හෙළයේ ගීතකෝකිලාවිය වූ නන්දා මාලනීගේ අවසන් කැමත්ත මෙන්න

ඒ අනුව පරිසර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ගී හඬක් නිහඬ විය හැකි නමුත් ඒ හඬින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැකි බවයි.

එසේම මලක් පරවී බිම වැටුණද එය සොබාදහමට එක් කළ සුවඳ මැකී නොයන බවත් කියමින් අප්‍රමාණ කලා සේවයක් සිදු කරමින් කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ ගීතාවලිය දැයේ පරපුරෙන් පරපුරට සදා නොමියෙන සුවඳක් වනු ඇති බව සඳහන් කරයි. 

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති

රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති