නාමල්ට ඇප ලැබෙයිද? - ඇප ඉල්ලීම ගැන තීරණාත්මක දිනය මෙන්න
By Malith Madushan
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන නොවැම්බර් 18 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, අදාළ ඇප නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් 18 වැනිදා ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා නියම කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
“රටේ තරුණ පරපුරේ හීන මරා දැමූ පියානෝගේ පුතා අද හීන බොඳ වූ අයවැයක් ගැන කියනවා” - නියෝජ්‍ය ඇමති ප්‍රසන්නගෙන් දැඩී ප්‍රහාරයක්