කොළඹ ගංවතුර එක්ක සෙල්ලන් දාපු හැමෝටම වැඩ වරදියි - නීතිය තද කරමින් කොළඹ නගරාධිපතිනියගෙන් විශේෂ ඉල්ලීමක් [VIDEO]
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් AI තාක්ෂණය අවභාවිත කරමින් කොළඹ නගරය ආශ්‍රිතව ව්‍යාජ ගංවතුර තත්ත්වයන් නිර්මාණය කර එකී වීඩීයෝ සමාජගත කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කරන බව වාර්තා වේ.
ඒ අනුව ඇය මේ පිළිබඳව කොළඹ මහ නගර සභාවේ සභාවාරය අමතමින් පැවසූ බව සඳහන්.
කෙසේ වෙතත් ඉකුත් නොවැම්බර් 06 වැනි දින කොළඹ නගරයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් පැවති මෙම සභාවාරයේදී පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් අතර විශාල කතාබහක් නිර්මාණය විය.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය කියා ඇත්තේ එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැමුන් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙන නොමඟ යවන සුළු වීඩියෝ පට නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන බවයි.
තවද One Galle Face පරිශ්‍රය ජලයෙන් යටවී ඇති ආකාරය පෙන්වන අසත්‍ය වීඩියෝවක් මෙන්ම, තමන් වැවක බැස නාන අයුරු නිරූපණය වන ලෙස සකස් කරන ලද අතිශය විකෘති සහගත AI වීඩියෝවක් ද සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව ද ඇය පෙන්වා දුන් බව වාර්තා වේ.
එබැවින් මෙවැනි ද්වේෂසහගත ක්‍රියාවන්හි නිරත වූවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඇය පැවසූ බවත්, ස්වභාවික ආපදා සහ වර්ෂාව පටු දේශපාලන රැළි නිර්මාණය කරගැනීම උදෙසා අවභාවිත නොකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් සඳහන්.
කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න
මහ බැංකු අධිපතිවරයාගේ රුව සහ හඬ යොදාගෙන AI වලින් හදපු ව්‍යාජ වීඩියෝවලට අහුවෙන්න එපා - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මහජනතාවට හදිසි අනතුරු ඇඟවීමක්
පහත වීඩියෝව උපුටා දක්වා ඇත,
මේකනන් රටම ලැජ්ජා වෙන්න ඕන දෙයක්…. මොකද විදේශිකයෝ පවා මේ දේවල් දකිනවා 🙁 https://t.co/xXbmhXA3RM
— Chandu Anusanka (@canusanka) November 12, 2026