යුද හමුදා බුද්ධි තොරතුරින් රු. ලක්ෂ 98ක අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට
By Mithu
වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 98කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධ හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ එක්ව ඊයේ (12) සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
“රටේ තරුණ පරපුරේ හීන මරා දැමූ පියානෝගේ පුතා අද හීන බොඳ වූ අයවැයක් ගැන කියනවා” - නියෝජ්‍ය ඇමති ප්‍රසන්නගෙන් දැඩී ප්‍රහාරයක්
එම වැටලීමේදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 37ක ප්‍රමාණයක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
යුද්ධ හමුදාව සඳහන් කළේ අත්අඩංගුවට ගත් එම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් 9,851,500.00ක් වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වත්තල පොලිස් ස්ථානය විසින් සිදු කිරීමට නියමිතව ඇත.