අවුරුදු ගාණක පුරුද්ද කඩයි - වාර්ෂික අයවැයෙන් පසු පළමුව විවාදය අරඹන හර්ෂට මෙවර මොකද වුණේ? හර්ෂ කට අරිනකල් හරිනි නොඉවසිල්ලෙන්

Report

අද (13) පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ඇය 2020 දී පාර්ලිමේන්තුවට පිවිසි දා පටන්, වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායිකව විපක්ෂයේ විවාදය ආරම්භ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා වුවත් එය මෙවර වෙනස් වී තිබීම නිරීක්ෂණය කළ හැකි බවයි.

"මේ වර්ෂයේ අයවැය ඉදිරිපත් වෙන කොට විපක්ෂයේ ප්‍රවේශයේ අපි සුවිශේෂී වෙනසක් දකිනවා ඒ සුවිශේෂී වෙනස තමයි ගරු හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමනි අපි සාමාන්‍යයෙන් සූදානම් වෙලා ඉන්නේ අයවැයේ කතාවේ පළවෙනි කතාව කරන්නේ ඔබ. මට මතක විදිහට මම 2020 පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ සිටම පළමු කතාව කළේ ඔබතුමා. ඒකට ඇහුම්කන් දෙන්න සූදානමින් තමයි අපි සියලු දෙනාම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්නකොටත් ආණ්ඩුවේ ඉන්න කොටත් අපි සූදනමින් ඉන්නේ. හැබැයි අපි අද වෙනසක් දකිනවා ඒ වෙනස ගැනත් අපි සතුටු වෙනවා. ඒ වගේම හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාගේ කතාව අහන්නත් අපි ආසාවෙන් ඉන්නවා. මොකෝ එතකොට අපිට බලා ගන්න පුළුවන් වෙනවා සජබේ න්‍යායේ වෙනසක් තියෙනවද නැත්තම් මේ එකම ප්‍රතිපත්තිය තුළ ද ඉන්නේ කියලත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. විපක්ෂ නායකතුමා විශාල කතාවක් නිර්මාණය කර ගෙන ගියා.."

මේ ඔබතුමිය කිස් කරන පින්තූරයකුත් තියෙනවා.. පව්නේ ඉතින් මන් අගමැතිනියට විරුද්ධව එහෙම පෙන්නන්න හොඳ නෑ - උම්මා ප්‍රශ්නෙකින් මැති සබේ ඇවිලෙයි

මේ ඔබතුමිය කිස් කරන පින්තූරයකුත් තියෙනවා.. පව්නේ ඉතින් මන් අගමැතිනියට විරුද්ධව එහෙම පෙන්නන්න හොඳ නෑ - උම්මා ප්‍රශ්නෙකින් මැති සබේ ඇවිලෙයි

එමෙන්ම විපක්ෂනායකවරයා විසින් විවාදය ආරම්භයේදී කළ ප්‍රකාශ ගැන පවසමින් අගමැතිනිය කියා සිටියේ ආර්ථිකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සම්බන්ධයෙන් නොමඟ යවන සුළු ආඛ්‍යාන ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව මෙම ආර්ථික කාරණා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය අනෙකුත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බෙදාගෙන තිබේද යන්න තහවුරු කිරීමට රජය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ දායකත්වය බලාපොරොත්තුවෙන් සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.   

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

අද නම් රන් පවුම් එකට දෙකක් ගන්න පුළුවන් - රන් වෙළඳපොළේ නවතම මිල ගණන් මෙන්න

අද නම් රන් පවුම් එකට දෙකක් ගන්න පුළුවන් - රන් වෙළඳපොළේ නවතම මිල ගණන් මෙන්න