පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ළඟදීම විධිමත් කරන්න පියවර
By Mithu
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කටයුතු ළඟදීම විධිමත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවේදී මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ පවතින අඩුපාඩු රැසක් හඳුනාගැනීමට හැකි වූ බවත්, එහි පහසුකම් අවම මට්ටමක පවතින බවත් අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබේ.
ඒ අනුව, හඳුනාගත් එම සියලු අඩුපාඩු සම්පූර්ණ කරමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කටයුතු කඩිනමින් විධිමත් කරන බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.