සියලුම පාසල්වල 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මේ සිසුන්ට රුපියල් 10,000 ක් එක්ක රජයෙන් සුපිරි අවස්ථාවක් - මිලියන 500ක්ම වෙන් කරයි

Report

අයවැය ප්‍රකාශනය මඟින් ඉදිරිපත් කරන ලද “සැමට කොටසක්” සංකල්පය යටතේ, 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 18ට වැඩි පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම වෙනුවෙන් රුපියල් 10,000ක මුදලක් ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති බව සඳහන්.

මේ සඳහා අවස්ථාව හිමි වන්නේ ග්‍රාමීය පාසල් ඇතුළු දිවයිනේ සියලු පාසල්වල දරුවන්ට බව වාර්තා වේ.

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ

එමෙන්ම මෙම වැඩසටහන යටතේ 13 ශ්‍රේණියේ සිසුන්ට ඊට අයදුම් කර කෙටි පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුව පැවැත්වෙන විභාගයෙන් සමත්වීමෙන් පසුව, ඒකක භාර (Unit Trusts) හෝ සමාගම් කොටස්වල ආයෝජනය කිරීමට මෙම මූල්‍ය ප්‍රතිපාදනය හිමි වන බව සඳහන්.

එහි මූලික අරමුණ රටේ මූල්‍ය සාක්ෂරතාවය නංවාලීම, දරුවන්ට ලෝක ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ලබාදීම සහ අනාගතයේදී ඔවුන් සාර්ථක ව්‍යවසායකයින් වශයෙන් කොළඹ කොටස් වෙළඳපොළ හරහා ප්‍රාග්ධනය උපයා ගැනීමට සවිබල ගැන්වීමයි.

තවද 6 වැනි ශ්‍රේණියේ සිටම ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමටත්, පාසල් 100ක් ආවරණය වන පරිදි ප්‍රාග්ධන සංගම් 100ක් ආරම්භ කරමින් දරුවන්ට අවශ්‍ය දැනුම ලබාදීමටත් රජය කටයුතු කරමින් සිටින බව සඳහන්.

අධ්‍යාපන පද්ධතියම උඩුයටිකුරු කරන වෙනස - එළඹෙන 19 වන දින දිවයිනේ සියලුම පාසල් ආවරණය වන ලෙස පාසල් මට්ටමින් විශේෂ වැඩසටහනක්

අධ්‍යාපන පද්ධතියම උඩුයටිකුරු කරන වෙනස - එළඹෙන 19 වන දින දිවයිනේ සියලුම පාසල් ආවරණය වන ලෙස පාසල් මට්ටමින් විශේෂ වැඩසටහනක්

අද නම් රන් පවුම් එකට දෙකක් ගන්න පුළුවන් - රන් වෙළඳපොළේ නවතම මිල ගණන් මෙන්න

අද නම් රන් පවුම් එකට දෙකක් ගන්න පුළුවන් - රන් වෙළඳපොළේ නවතම මිල ගණන් මෙන්න