“යථාර්ථයක් නොවන ගණන් මිනුම් කියා පච අයවැයක් ඉදිරිපත් කළා” - විමල් විරවංශගෙන් අණ්ඩුවට දැඩි ප්‍රහාරයක් [VIDEO]

Report

ඊයේ (12) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා යථාර්ථයක් නොවන පොරොන්දු සහ ගණන් මිනුම්වලින් පිරුණු එකක් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කරයි.

අයවැය යෝජනාවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් පසුගිය වසරේදී ක්‍රියාත්මක වී නොමැති බව පෙන්වා දෙන ඔහු, මෙවර අයවැයෙන් ද ඉදිරිපත් කර ඇති පොරොන්දු කොතරම් දුරට ඉටු කරන්නේද යන්න වසර අවසානයේදී ප්‍රගති සමාලෝචනයක් සිදුකර බැලිය යුතු බව සඳහන් කළේය.

අද (13) සිකුරදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විමල් වීරවංශ වැඩිදුරටත් කියා සිටියේ, රටේ ආර්ථිකයට සැබෑ වෙනසක් ගෙන එන උපායමාර්ගික හැරවුමක් මෙවර අයවැයෙන් දක්නට නොලැබෙන බවයි. එහිදී අදහස් දැක්වූ එතුමා,

''දැන් ඊයේ අයවැය කියලා කරෙත් පච වපුරපු එකනේ. කවදාකත් මහ පොළොවේ යථාර්ථයක් වෙන්නැති ගණන් මිනුම් ටිකක් කියලා ඇස් නිලංකාර කරලා හීන ටිකක් මවලා පච වපුරලා පච අයවැයක් ඉදිරිපත් කරලා ගියා. ඔය කියන ඒවා කොච්චර කෙරෙයිද කියලා බලන්නකෝ අවුරුද්ද ඉවර වෙනකොට ප්‍රගති සමාලෝචනයක් කරන්න. ගිය අවුරුද්දේ අයවැය කියපු ඒවා වුණාද? නැද්ද කියලා මේ අවුරුද්දේ අයවැය වෙන්න කලින් හොයලා බැලුවද? කියපු ඒවායින් 70%කට වඩා වුණේ නැහැ. දිට්වා කියලා මග හැරියා ඔක්කොම ටික. එකක් දෙකක් වෙයි. එකක් දෙකක් කරන්න අයවැය යෝජනා ගේන්න ඕනෑ නැහැනේ. ගැසට් නිවේදන දෙකක් තුනක් ගැහුවොත් ඒක කරතැහැකි. පැය පහක් හරි දහයක් හරි ඒ කොළේ බලාගෙන කියවන්න පුළුවන්. ඒ එ අපරාදේ කියන්න බැහැ. එම හැකියාව හැර වෙන කිසිම හැකියාවක් නැත. මුදල ආයෙත් නැවත කැරකිලා භාණ්ඩාගාරයට යනවා. ඕකෙන් 30%ක් විතර වියදම් වෙනවා. ඒකට හේතු කියනවා. භාණ්ඩාගාරය උතුරවනවායි කියනවා. අපි ඉතින් බඩ පිරුණායි කියලා හිතාගෙන ඉන්න ඕනා. මෙහෙමයි මේ ඇවිල්ලා සම්ප්‍රදායික ටොපි සිකරැට්නේ මේ විකුණන්නේ. උපාය මාර්ගික හැරවුමක් කෝ? ආපු ගමන් මගෙන් වෙනස් වූ මාවතකට ගමන් කිරීමක් කෝ? එක වචනයක් තියෙනවද? එක අකුරක් තියෙනවද? සරලව ගත්තොත් සංචාරකයෝ නාවොත් අපේ විදේශ විනිමය කොහෙන්ද? උපායමාර්ගික හැරවීමක් නෑ. පොඩි අපි කියන්නේ ඒකට කියන්නේ මේ විදුලිබල පද්ධතියේ එක කෑල්ලක් ටිප් එක පහිනවායි කියන්නේ එකක් දෙකක් පැන්න ගමන් පද්ධතියම අවුල් වෙනවා.''

නොවැම්බර් 15 ගැන කාලගුණයෙන් විශේෂ අනාවැකියක් - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයිද?

නොවැම්බර් 15 ගැන කාලගුණයෙන් විශේෂ අනාවැකියක් - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයිද?

2027 අයවැයෙන් වාහන මිලට මොකද වුණේ? - වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන දේ මෙන්න

2027 අයවැයෙන් වාහන මිලට මොකද වුණේ? - වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන දේ මෙන්න