දිලිත් ජයවීර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු 6 දෙනෙකුට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව අද අභියාචනාධිකරණය හමුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වෙන වෙනම කරුණු පවතින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අද (13) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
කොළඹ - කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ පුද්ගලයන්ට එරෙහිව එක් පැමිණිල්ලක් යොමු කර තිබුණ ද, ඔවුන් විසින් සිදුකර ඇති ප්‍රකාශ සහ ක්‍රියා එකිනෙකට වෙනස් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දී ඇත.
එහිදී දිලිත් ජයවීර සහ මහින්ද පතිරණ අධිකරණය සම්බන්ධයෙන් ඍජුව අදහස් පළකර ඇති බවත්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අසංක නවරත්න යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශානි අබේසේකර සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ
අදාළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ගොනු කර ඇති නඩුව අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩු විභාගය කැඳවා තිබුණි.